AUSTRALIA v INDIA

සෑම්ගෙන් ලෝක වාර්තාවක්. ඉන්දියාවට අවසන් පන්දුවේ ජය.

ඉන්දියා – එංගලන්ත තුන්වන හා අවසන් එක්දින තරගය අද පූනේ හීදී පැවැත්වුණා.

මුලින් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 48.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 329 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම හඹා ගිය එංගලන්ත පිල පන්දුවාර 50 අවසානයේදී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 322 ක් පමණයි.

ඒ අනුව තරගාවලිය 2 ට 1 ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

විටෙක මුළු ලකුණු 200 දී කඩුළු 7 ක් බිඳ වැටී තිබූ ඉනිම තනිවම සටන් වැද අවසාන පන්දුව දක්වා තරගය ගෙන ඒමට සෑම් සමත් විය.

පන්දු 83 කින් නොදැවී ලකුණු 95 ක් වාර්තා කළ සෑම් කරන්ගේ ඉනිමට හතරේ පහර 9 කුත් හයේ පහර 3 කුත් ඇතුළත් වුණා.

නොම්මර 8 හෝ ඉන් පහළ පිතිකරුවෙකු එක්දින පිටියේ හඹා යෑම් තරඟයකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස තිබූ ක්‍රිස් වෝක්ස්ගේ වාර්තාව සම කරන්නට සෑම් කරන් සමත් වුණා

එක්දින පිටියේ හඹා යෑමකදී නොම්මර 8 හෝ ඉන් පහළ පිතිකරුවෙකු ඉනිමකදී ලබාගත් ඉහළම ලකුණු ලබාගත් පිතිකරුවන්

95* – සෑම් කරන්
ඉන්දියාවට එරෙහිව 2021 දී

95* – ක්‍රිස් වෝක්ස්
ශ්‍රී ලංකාවට එරෙහිව 2016 දී

84 – ඩැරන් සැමී
ඕස්ට්‍රේලියාවට එරෙහිව 2012 දී

83 – ලාන්ස් ක්ලූස්නර්
ඕස්ට්‍රේලියාවට එරෙහිව 2002 දී

83 – ඩැනියල් විටෝරි
ඕස්ට්‍රේලියාවට එරෙහිව 2005 දී

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button