AUSTRALIA v INDIA

සීකුගේ හා ක්‍රිස් ගේල්ගේ නමට තිබූ ලෝක වාර්තාව බෙන් ස්ටෝක්ස් තමන්ගේ කර ගනී.

ඉන්දියා – එංගලන්ත දෙවන එක්දින තරගය අද පූනේ හීදී පැවැත්විණි. මුලින් පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුළු 6 කට දැවැන්ත ලකුණු 336 ක ඉලක්කයක් එංගලන්තයට ලබාදෙන ලදි.

විරාට් කෝලි 66(79), ලෝකේෂ් රාහුල් 108(114), රිෂාබ් පාන්ට් 77(40), හර්දික් පාණ්ඩ්‍යා 35(16)

එම දැවැන්ත ඉලක්කය ඉතා පහසුවෙන් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයින් පන්දුවාර 43.4 ක් අවසානයේදී කඩුළු 4 ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගන්නා ලදි.

පළමු ඉනිමට නැවත වතාවක් ශතක සබඳතාවක් ලබාගත් රෝයි ලකුණු 55 කුත් ජොනී බෙයාස්ටෝ ලකුණු 124 කුත් ලබා ගන්නා ලදි.

මැද පෙළ ශක්තිමත් කරමින් හයේ වරුසාවකින් ඉනිම වර්ණවත් කළ බෙන් ස්ටෝක්ස් ලකුණු 99 දී අවාසනාවන්ත ලෙස දැවී ගියේය. එම ඉනිමට හතරේ පහර 4 කුත් හයේ පහර 10 කුත් ඇතුළත් විය.

එය ඉතිහාසයට එක්වුණේ එක්දින තරගයකදී පිතිකරුවෙකු ලකුණු 100 කට අඩුවෙන් ලබාගත් ඉනිමකදී එල්ල කරන ලද වැඩිම 6 පහරවල් සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර එම වාර්තාවට සමව හිමිකම් කියන්නට සමත් වුණේ ශ්‍රී ලංකාවේ සීකුගේ ප්‍රසන්න හා කොදෙව් හි ක්‍රිස්ගේල්ය. ඔවුන් දෙදෙනා ලබාගත් හයේ පහරවල් ගණන 9 කි.

10 – බෙන් ස්ටෝක්ස් (ඉන්දියාවට එරෙහිව 2021 දී)
9 – සීකුගේ ප්‍රසන්න (අයර්ලන්තයට එරෙහිව 2016 දී)
9 – ක්‍රිස් ගේල් (එංගලන්තයට එරෙහිව 2019 දී)

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button