CRICKET NEWS

හේරත්ගේ වසර 7 ක ලෝක වාර්තාව අගර් බිඳ හෙළයි.

ජාත්‍යන්තර විස්යි විස්ස ක්‍රිකට් පිටියේදී තරඟයක් තුළ වමත් දඟ පන්දු යවන්නෙකු සතු හොඳම පන්දු යැවීමේ වාර්තාවට මෙතෙක් හිමිකම් කීවේ ශ්‍රී ලංකාවේ රංගන හේරත්ය. ඔහු 2014 ලෝක කුසලාන අවසන් පූර්ව වටයේදී නවසීලන්තයට එරෙහිව ලකුණු 3 කට කඩුළු 5 ක් බිඳ හෙළමින් එම දස්කම දැක්වීය.

වසර 7 ක් ගතවී ගොස් අද ඕස්ට්‍රේලියානු වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් අගර් එම වාර්තාව අළුත් කිරීමට සමත් වූයේ නවසීලන්තයට එරෙහිව ලකුණු 30 කට කඩුළු 6 ක් ලබා ගනිමිනි. ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයකදී කඩුළු 6 ලබාගත් ලොව පළමු වමත් දඟ පන්දු යවන්නා ලෙස වාර්තා පොත් අළුත් කිරීමට අගර් සමත් විය.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button