CRICKET NEWSSOCIAL NEWS

ශ්‍රී ලංකා කොදෙව් සටන යූ ටියුබ් වලට පමණක් සිමා වන ලකුණු

T20 තරග 3 ක්,ODI තරග 3 ක් සහ ටෙස්ට් ක්‍රිකට් තරග 2 කින් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ තරග පැවැත්වෙන වේලාවන් ගැටලු සහගත බැවින් වෙළෙඳ දැන්වීම් ලබාගැනීමට ඇති අපහසුතාවය මත මෙරට කිසිඳු දේශීය රූපවාහිනීයක් විකාශන අයිතිය ලබා ගැනිමට තවම ඉදිරි පත් නොව් බවට වාර්තා වෙනවා.

ඒ වගේම ඉන්දියානු නාලිකා වෙන star sports,sony sports යන නාලිකාද තරඟාවලිය මිල දි ගැනිමට මේ වන තුරු කටයුතු කර නොමැත.

මේ වන විට විකාශන අයිතිය ලබා ගෙන ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ESPN Caribbean, ඇමෙරිකාවේ ESPN+ සහ එංගලන්තයේ BT Sport, දකුණු අෆ්‍රිකාවේ super sport, නවසිලන්තයේ sky sport යන නාලිකාවන් පමණි.

ඒ හේතුවෙන් බොහො විට ශ්‍රී ලංකාවේ අපිට යූ ටියුබ් මාධ්‍ය ඔස්සේ පමණක් ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් සටන නැරඹීමට හැකියාව ලැබෙයි. කෙසෙ නමුත් කොදෙව් පරිපාලනය විසින් ආසියාවේ මධ්‍ය විකාශනය සදහා මේ වන විට ආසියානු මාධ්‍ය ජාලා සමඟ සාකච්ඡාව පවත්වන බවට ආරන්චි මාර්ඟ පවසයි.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button