CRICKET NEWSSOCIAL NEWS

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තෑගි මුදල් වැඩි කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කොට පවත්වන ලද අන්තර් සමාජ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරුවා බවට පත් වුණු කොළඹ එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ ළහිරු උදාරටත් දක්ෂතම පන්දු යවන්නා බවට පත් වුණු බී. ආර්. සී. කණ්ඩායමේ දුවිඳු තිලකරත්නටත් මුදලින් රුපියල් ලක්ෂ 5 බැගින් හිමිවනු ඇත.

මෙම ත්‍යාග වලට අමතරව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මාන දිනා ගත් කොළඹ සී. සී. සී. කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අශාන් ප්‍රියන්ජන්ට මුදලින් රුපියල් ලක්ෂයක් සහ ලක්ෂ 20 ක් වටිනා මෝටර් රථයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එම ක්‍රිඩකයන්ට ලබා දුන්නේ දක්ශතම පිතිකරුවාට හා පන්දුයවන්නාට රුපියල් 50000ක මුදලකි. තරඟාවලියේ වීරයා වු අශාන් ප්‍රියන්ජන්ට රුපියල් ලක්ශයක මුදලක් සහ මොටර් රථයකි.

මෙම ත්‍යාග පිරිනැමීම අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම සීමිත පන්දුවාර තරගාවලියේ ජය සංකේතපත් ප්‍රදානයට සමගාමීව සිදුකෙරිණ

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button