CRICKET NEWS
ගන්න 61 දෙනා ඇතුලට යන්න අපෙන් 9ක් අයි.පී.එල් වෙන්දෙසියට

මෙවර අයි.පී.එල්. ක්රිඩක වෙන්දෙසිය සදහා ශ්රී ලංකා ක්රීඩකයින් 31 දෙනෙකු පසුගියදා ලියාපදිංචි වී තිබුණා. නමුත් එයින් ක්රිඩකයන් 9 දෙනෙකු පමණක් ක්රිඩක වෙන්දෙසියට යැවිමට අයි.පි.එල්. පාලක මණ්ඩලය තීරණය කොට තිබෙනවා.
ඒ අනුව වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන ශ්රී ලංකා ක්රීඩකයින් වන්නේ කුසල් පෙරේරා, තිසර පෙරේරා, කෙවින් කොත්තිගොඩ, මහීෂ් තීක්ෂණ, විජයකාන්ත් වියස්කාන්ත්, වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, දසුන් ශානක සහ ඉසුරු උදාන යන ක්රීඩකයින් 9 දෙනාය.
අයි.පී.එල් ක්රීඩක වෙන්දේසිය ලබන 18 වනදා චෙන්නායි හී දී පැවැත්වීමට නියමිතයි.