ANALYSISCRICKET NEWS
කළුවිතාරණව පසු කිරීමට සැරසෙන දික්වැල්ල

ක්‍රීකට් කණ්ඩායමක නායකයාට අමතරව ප්‍රධාන තැනක් ගන්න ක්‍රීඩකයා තමා කඩුලු රකින්නා කියන්නේ. ඉතින් පසුගිය සමය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා වශයෙන් කටයුතු කලේ නිරොශන් දික්වැල්ලයි. ඉතින් මේ දික්වැල්ල මේ වන විට ටෙස්ට් පිටියේ කඩුලු රකින්නෙකු වශයෙන් කටයුතු කරලා දවා ගැනිම් 118 ක් තම නම ඉදිරියෙන් සටහන් කරගෙන තියෙනවා.
ඉතින් මේ ලැයිස්තුවේ දික්වැල්ලට ඉහළින් ප්‍රසන්න ජයවර්ධන දවාගැනිම් 156, කුමාර සංගක්කාර දවාගැනිම් 151, රොමේෂ් කළුවිතාරණ දවා ගැනිම් 119ද තම නම ඉදිරියෙන් ලියා ගෙන තිබෙනවා. ඉතින් මේ ලැයිස්තුවේ තුන් වෙනි ස්ථානයට යාම සඳහා එම ස්ථානයේ සිටින කළුවිතාරණ පසු කිරිම සඳහා දික්වැල්ලට තවත් අවශ්‍යව ඇත්තේ දවා ගැනිම් 2 කට දායක විම පමණි.