ANALYSISCRICKET NEWS

පළමු දිනයේ සාර්ථකත්වය-එදා බැරි දේ අද කරයි. ඇන්ජි 100, චන්දි 50

පළවෙනි තරඟ පරාජයෙන් පාඩම් ඉගෙන ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද එංගලන්තය සමඟ දෙවන වගෙම අවසන් ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරිමට ගාලු පිටියට පිවිසියා. වෙනස් කම් තුනක් සමගින් තරඟයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම රමෙශ් මෙන්ඩිස් හට ටෙස්ට් වරම් ලබා දුන්නා.

කෙසෙ වෙතත් අරම්භක කඩුලු 3 දවා ගැනිමට ජෙම්ස් ඇන්ඩ්‍රසන් සමත් වුවේ පළමු තරඟයේ පළමු ඉනිම මතකයට ගෙන එන්නාක් මෙනි. මෙම තරඟාවලියට පෙර තරමක් අසාර්ථක වූ තිරිමාන්න පසු ගිය දෙවන ඉනිමේ වගේ වගකිම් සහගත ලකුණු 43 ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා. මෙහිදි දක්ශ ලෙස ක්‍රීඩා කළ ඇන්ජලො මැතිවුස් පිට පිට දෙවෙනි වරටත් අර්ධ ශතකයක් ලබා ගැනිමට සමත් වුවා. මෙහිදි අර්ධ ශතකය ශතකයක් කරා පරිවර්තනය කර ගැනිමට ඇන්ජලො සමත් කම් දැක් වුවා. ඇන්ජලොට අගනා සහයක් දුන් නායක චන්දිමාල්ද අර්ධ ශතකයක් ලබා ගැනිමට සමත් වුවා.

චන්දිමාල්ගේ දැවියාමත් සමඟ පිටියට පිවිසි දික්වැල්ල දිනය අවසන් වන තුරුම කඩුල්ලෙ රැදිසිටිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළාය. දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව ලකුණු 229ට කඩුලු 4 දැවි ශක්තිමත් පළමු ඉනිමකට පාදම සදා දමා අවසන් ය. හෙට තරඟයේ දෙවන දිනය.

 

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button