LPL පුවත්

මෙවර අයි.පී.එල් තරඟාවලියට කුමාර් සංගක්කාරත් එක්වෙයි.

එළැඹෙන 2021 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ එක් එක් කණ්ඩායම් සිය සංචිතයෙන් රඳවා තබා ගන්නා හා ඉවත් කරන ක්‍රීඩකයින් අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුවා රෝයල් චැලෙන්ජර්ස් පිල නියෝජනය කළ ඉසුරු උදානත්, මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කළ ලසිත් මාලිංගවත් එසේ කණ්ඩායමෙන් නිදහස් කරන ලදි. ඒ අනුව නැවත ඔවුන්ට වෙන්දේසියේදී කිසියම් කණ්ඩායමක් මිලදී ගන්නා තෙක් බලා සිටීමට සිදුවෙයි.

කෙසේ නමුත් වසර කිහිපයක සිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දරන මහේල ජයවර්ධන මෙවරත් ඒ ආකාරයෙන්ම කටයුතු කරයි.

රාජස්ථාන් රෝයල්ස් පිලේ නායකයා ලෙස කටයුතු කළ ඕස්ටේලියාවේ ස්ටීව් ස්මිත් එම කණ්ඩායමෙන් නිදහස් කරනු ලැබූ අතර මඟ හැරුණු නායකත්වය වෙනුවෙන් 2021 රාජස්ථාන් රෝයල්ස් පිලේ නායකයා ලෙස ඉන්දියාවේ සංජු සැම්සන්ට හිමිවෙයි.

එසේම වසර ගණනාවක් අයි.පී.එල් තරඟාවලියේ ක්‍රීඩකයෙකු ලෙසින් නියෝජනය කළ කුමාර් සංගක්කාරටද මෙවර අයි.පී.එල් තරඟාවලියේදී තනතුරක් හිමිව තිබෙනවා. ඒ රාජස්ථාන් රෝයල්ස් ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කිරීමටයි.

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button