ANALYSISCRICKET NEWS

තුන් වෙනි දවසේ සාර්ථකත්වය – 101ට විකට් 6යි. බැට් එකෙන් 50 කැලි දෙකයි

පළමු දවසේ පළමු ඉනිමේ අමිහිරි මතකයත්, දෙවන දවස පුරා එංගලන්ත පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දුන් අමිහිරි මතකයත් එක්ක ශ්‍රී ලංකාව තරඟයේ තුන් වෙනි දිනය වන අද දවසට පිවිසිය.

කෙසෙ වෙතත් නායක ජෝ රූට්ගේ දැකුම් කලු ඉනිමත් සමඟින් එංගලන්තය ප්‍රභල තත්වයක රැඳි සිටියා. ළිඳට වැටුනු මිනිසා ළිං කටින්ම ගොඩ විය යුතු අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ද එම ක්‍රමය අනුගමනය කළෙ ය. තුන් වන දිනය අරම්භයි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් ආක්‍රමණ ශීලි පන්දු යැවිමක. පන්දු යවන්නන් සාර්ථකයි. ලකුණු 101ට කඩුළු 6 ක්. ප්‍රභල එංගලන්ත 421කට සියලු දෙනා දවා ගත්තා.

දැන් පිතිකරුවන්ගේ වේලාව. තිරිමාන්න සමඟින් කුසල් පෙරේරා. වෙනදාට වඩා මානසික තත්වයේ වෙනසක් ආරම්භක කඩුල්ලටම ශතක සම්භන්ධතාවයක්. කුසල් පෙරේරාගෙන් අර්ධ ශතකයක්. එහෙත් අවාසනා වන්ත ලෙස 62 දැවි යනවා. ඉළග පිතිකරු කුසල් මෙන්ඩිස්. වෙනදා මෙන් වගේ නෙමෙයි. ඒ සම්භන්ධතාවයක් තරමක් සාර්ථකයි. මෙන්ඩිස් දැවි යනවා ලකුණු 15 ඒ වනවිට. එහෙත් තිරිමාන්න නොදැවි තාමත් කඩුල්ලේ ලකුණු 76 ගහලා දවස නිමා වෙනකොට ශ්‍රී ලංකාව 156 -2 යි. එහෙත් තවමත් ශ්‍රී ලංකාව එංගලන්ත පළමු ඉනිමට වඩා පිටුපසින් සිටිනවා.

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button