ANALYSISCRICKET NEWS
වසර 14 පසුව මහේලගේ වාර්තාව රූට් උදුරා ගනී

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත පිල වෙනුවෙන් නායක ජෝයි රූට් ද්විත්ව ශතකයක් ලබා ගැනීමට සමත් වුණා. ඒ එංගලන්ත පිතිකරුවෙකු ශ්‍රී ලංකාවේදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
2007 වසරේදී එංගලන්තයට එරෙහිව ගාල්ලේ පැවති ටෙස්ට් තරඟයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක මහේල ජයවර්ධන නොදැවී ලකුණු 213* ක් ලබා ගැනීමට සමත් වුණා.
ඔහු ඇරෙන්නට මෙතෙක් දින ගාලු ක්‍රීඩාංගණයේදී ද්විත්ව ශතකයක් ලබා ගැනීමට සමත් වූ එකම නායකයා වූයේ බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහීම්ය.
කෙසේ නමුත් මහේල සහ මුෂ්ෆිකර් රහීම් දෙදෙනාම හඹා යමින් රූට් ශ්‍රී ලංකා පිලට එරෙහිව අද ලබාගත් ලකුණු 228 ඉතිහාසයට එක්වූයේ ගාලු ක්‍රීඩාංගණයේ ටෙස්ට් ඉනිමකදී නායකයෙකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.