AUSTRALIA v INDIACRICKET NEWS
ඉන්දියාවේ පැල්පත් නිවාස වලින් ආ නටරාජන් තැබු වාර්තාව

ඉන්දියානු ප්‍රිමියර් ලීගය හරහා ඉමහත් ජනාදරයට පත් වුණ ක්‍රීඩකයෙක් තමා තංගරාසු නටරාජන් කියන්නෙ. ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දැක් වූ දක්ශතා හේතුවෙන් නටරාජන්ට ඉන්දීය ජාතික කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරඟාවලිය එක් වෙන්න වාසනාව හිමි වුණා.
විස්සයි විස්ස හා එක්දින කණ්ඩායම් වල දස්කම් දැක් විම හෙතුවෙන් උමෙශ් යාදව්ගේ අබාධ තත්වය හේතුවෙන් පුරප්පාඩු වූ ටෙස්ට් කණ්ඩායමේ ස්ථානය නටරාජන්ට හිමි විය.
ඉතින් මේ සංචාරයෙදී තංගරාසු නටරාජන් විස්සයි විස්ස, එක්දින හා ටෙස්ට් යන කාණ්ඩ තුනෙම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරිමේ වරම් උදා කරගත්තා. එය ඉතිහාස ගත වුයේ එකම සංචාරයක් තුළ තම විස්සයි විස්ස , එක්දින හා ටෙස්ට් කණ්ඩායම් තුනම නියොජනය කරමින් තම මංගල තරගයට මුහුණ දුන් ප්‍රථම ඉන්දියානු ක්‍රීඩකයා ලෙසයි.