AUSTRALIA v INDIA

තාත්තගෙ හීනය එක්ක සංවේදී වුණු සිරාජ්.

ඕස්ටේලියාව හා ඉන්දියාව අතර 3 වන ටෙස්ට් තරගය ආරම්භ වීමට ප්‍රථම සිඩ්නි පිටියේ ඉන්දීය ජාතික ගීය ගායනා වෙද්දී මොහොමඩ් සිරාජ්ගේ ඇස් වලින් කඳුළු ගලා ආ අතර ගීය අවසන් වන තුරුම ඔහු සංවේදී වුණා.

මේ නිසා, ඔහු තම කණ්ඩායමේ සාමාජිකයන් සමඟ පිටියට පිවිසි විට, ඔහුගේ කඳුළු පාලනය කිරීමට සිරාජ්ට නොහැකි විය. නමුත් ඔහු පන්දු යැවීමට පැමිණි වහාම එම හැඟීම් පසෙකට දැමීය.

කාසියේ වාසිය දිනාගෙන මුලින් පන්දුවට පහර දීමට පැමිණි ඕස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරුවා වූ ඩේවිඩ් වෝනර් ලකුණු 5 කට සීමා කර දෙමින් සිරාජ් ඉන්දියාවට විශිෂ්ට ආරම්භයක් ලබා දුන්නේය.

පසුගිය වසරේ නොවැම්බර් 20 වන දින ඉන්දීය කණ්ඩායම සමඟ ඕස්ට්‍රේලියාවට පැමිණි සිරාජ්ට ඉන් සතියකට පමණ පසු තමන්ගෙ පියා ‘මොහොමඩ් ගවුස්’ අහිමි වෙනවා. පවතින Covid -19 නීතිමය සීමාවන් නිසා සිරාජ්ට ආපසු ඉන්දියාව බලා යාමට නොහැකි වූ අතර පියාගේ අවමංගල්‍යය උත්සවයද ඔහුට මඟ හැරෙනවා.

“මගේ තාත්තට මං ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කරනවා බලන්න ඕනි වුණා. ඔහු අද මෙහි පැමිණ ඇතැයි මම විශ්වාස කරනවා. ජාතික ගීය අතරතුර මට ඒ වගේ හැඟීමක් දැණුනෙ ඒ නිසා.” දිනය නිමාවට පත්වීමෙන් අනතුරුව සිරාජ් මාධ්‍ය ඉදිරියේ වචන කළේ එයයි.

“සිරාජ්… ඔයා දවසක ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කරන්න ඕනි යන්න මගේ තාත්තගෙ හ්සිහිනය වුණා. ඔහුට සැමවිටම ඕනි වුණේ නිල් සහ සුදු ජර්සි වලින් සිරාජ් ජාතිය නියෝජනය කරනවා දැකීමයි. එබැවින් අවසානයේදී අපේ සිහිනය අද ඉටු විය”

සිරාජ්ගේ සහෝදරයා වුණු ‘මොහොමඩ් ඉස්මයිල්’ පසුගිය මාසයේදී ඔහු මංගල ටෙස්ට් තරගයට පිවිසීමෙන් පසුව හයිද්‍රාබාද්හි සිට පවසා සිටියේ එයයි.

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button