CRICKET NEWSSOCIAL NEWS

ලෝක පූජීත මුරලිදරන්ගේ බිරිඳ මුරලි ගැන කියන දේ…

ශ්‍රී ලංකා නාමය ක්‍රිකට් ක්‍රිඩාවෙන් ජාත්‍යන්තරයට රැගෙන ගිය සුන්දර, කාලවර්ණ දමිළ තරුණයා මුත්තයියා මුරලිදරන් ගැන ඔහුගේ ආදරිණිය බිරිඳ වන ආර්. මදිමලර් පැවසු දේ පිළිබද කෙටි සටහනකි.

මෙය මදිමලර් විසින් ධරණි පුවත් පතට දුන් සංවාද සටහනක සාරාංශ සමාජ ජාල අකුරු රචනාවකි. විශේෂ ස්තුතිය මා පුද කරනවා සංවාදය සහ සටහන මුල් හිමි කරු පූජනී ගලප්පත්ති ලෙඛිකාවට.

කොහොමද දෙන්නව මුණගැහුණේ?

මං ජිවත්වුණේ චෙන්නායි වල මුරලි ඉදියේ ලංකාවේ. අපේ පවුල් දෙකේ යාළුවෙක් මාර්ගයෙන් තමා අපෙ ගෙදරට යොජනාවක් ආවේ. අම්මා ඒ වෙලේ කිවුවා කෙන්දර ගැලපෙනවා නම් ඒ ගැන ඉදිරිය බලමු කියලා. අන්තිමට කේන්දර ගැලපුණා.

මුරලිව පළවෙනි වතාවට මුණගැහුණු මොහොත මොන වගෙද?

එක අමතක නොවන දවසක්. අපේ පවුලේ ගෑණු ළමයිම තුන් දෙනයි. අපි ක්‍රිකට් ගැන නම් වැඩිය දන්නෙ නෑ එක නිසා එත් අපේ තාත්තා නම් ක්‍රිකට් වලට බෙහෙවින් ඇලුම් කරා එත් තාත්තා ඒ කාලේ ජිවතුන් අතර ඉදියේ නෑ. මගේ අක්කා බැදපු අයියා ක්‍රිකට් රසිකයෙක් එයා මුර්ලි ගැන දැනගෙන ඉදියා. එයා මට කිවුවා බඳින්න කලින් පින්තුරයක් හරි බලන්න කියලා. ඒ කාලේ ස්මාර්ට් ෆොන් තිබ්බේ නැනෙ. මං පත්තර පෙරලා පෙරලා හෙව්වා. එත් හම්බුනෙ නැති පාර මං එක අත ඇරලා දැම්මා.

මුලින්ම මුරලි එක්ක මොනදවද කතා කරේ?

එයා කිවුවා, එයාගේ ජිවිතේ හරියට සූට් කෙස් එකක් වගේ කියලා. ඒ කියන්නෙ තරඟ නිසා එයාට හැමතැනම යන්න වෙනවා කියන අදහසක්. මං කිවුවා මං රොහල් කළමනාකරණය හදාරනවා කියලා. එයා කිවුවා එයා මට කැමතියි මං කැමති නම් කියන්න කියලා. මාත් කැමති වුණා. අපි කසාද බැන්දා.

ඔහු සමග ජිවිතේ මොන වගෙද?

ඒ කාලේ මාව වැඩි පිරිසක් දැන ගෙන ඉදියේ නෑ. එත් බැන්දට පස්සේ හැම දේම වෙනස් වුණා. දවසක් කමලා තියටර් එකෙ ෆිල්ම් එකක් බලලා එද්දි මුරලිව දැක්කා විතරයි අපේ පස්සෙන් බයික් ගොඩක් ආවා. මට බයක් වගේම පුදුමෙකුත් ආවා.

මුරලි හොඳ සැමියෙක්ද හොද තාත්තා කෙනෙක්ද?

ඇත්තටම හොඳ තාත්තා කෙනෙක් කියන එක ගොඩක් සදාරණයි. තාමත් ඉන්දියා ඔස්ට්‍රෙලියා තරඟ වලදි තාත්තයි පුතයි දෙන්නම ඔස්ට්‍රේලියාවට සහයොගය දක්වනවා. ඒ ඉතින් මාව කෙන්ති ගස්සන්න තමා. අපේ පුතා නරෙන් මුරලි වගේම ක්‍රිකට් ගහන්වා එයාගේ කැමත්තත් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන එක. ගොඩක් අය මුරලිවයි පුතාවයි සංසන්දනය කරනවා. එත් කවදාවත් පුතාට මුරලි වෙන්න බෑ. ක්‍රිකට් කියන කාරනයෙදි නම් පුතාට උනත් මුරලි වෙන්න බෑ. ඒක ලේ තිබ්බත් පුතාට බෑ මුරලි වෙන්න

මුරලි මොන වගේ කෙනෙක්ද?

මුරලි ගොඩක් අයට උදව් කරනවා. ඒ ගැන නම් ලොකුවට කවුරුවත් කතා කරන්නෙ නෑ. ට්‍රැවල් කරන කොට මුරලි කතා කරන එක නම් නවත්තන්නෙ නෑ. එම්. එස්. දෝනිගෙන් පටන් ගත්තොත් ක්‍රිකට් ගැන ඔන කෙනෙක් ගැන දවසක් වුණත් කතා කරන්න දේවල් එයා ළඟ තියෙනවා.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button