තේ පැන් සංග්රහයෙන් පසුව ශ්රී ලංකාව වැඩ අල්ලයි – ලකුණු 84ට කඩුලු 9ක්

ශ්රී ලංකා දකුණු අෆ්රිකානු දෙවන ටෙස්ට් තරගයේ දෙවෙනි දිනය මේ වන විට දකුණු අෆ්රිකාවේ ජොහැන්නස්බර්ග් ක්රීඩාංගනයේ පැවැත් වෙනවා.
පළමු දිනයේ වැඩි ගෞරව සමඟ ශ්රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 9 පිටුපසින් සිට අද දෙවන දිනය අරම්භ කිරිමට දකුණු අෆ්රිකාව පිටිය පිවිසියා.
කෙසෙ නමුත් දිනයේ පළමු බාගයේ වැඩි ගෞරවද දකුණු අෆ්රිකාවට හිමි විය. ඔහුන් එම බාගයේදි එකදු කඩුල්ලක් ශ්රී ලංකාවට නොදිමට වග බලා ගත්තා.
තේ පැන් සංග්රහයෙන් අනතුරුව ශ්රී ලංකා පන්දු යවන්නන් අක්රමණශිලි පන්දු යැවිමට නිරත වූවේ, දකුණු අෆ්රිකාවට පිඩනයක් යොමු කරමිනි.
කෙසෙ නමුත් ශ්රී ලංකාවට හිරදයක් වූ මේ සම්භන්ධතාව නවතා දැමුවේ දුශ්මන්ත චමිරය ඒ ලකුණු 127 ලබා සිටි ඩීන් එල්ගාර් විවෙකාගාරයට යවමිනි.
එයින් නොනැවතුනු ශ්රී ලංකා පන්දු යවන්නන් ලකුණු 23 තුළ 218-1 ලෙස දැක්වු ලකුණු පුවරුව 241-5 ලෙස පත් කෙරුවේ ඩී කොක්, ෆෆ් ඩූ ප්ලෙසිස්, ඩූසන් යන ප්රභල පිති කරුවන්ගේ කඩුලු දවා ගනිමිනි.
දිවා ආහරයෙන් අනතුරුව ඉතිරි කඩුලු 5ද ලකුණු 61 තුළ දවා ගැනිමට ශ්රී ලංකාව සමත් විය.
මෙහිදි දක්ශ පන්දු යැවිමක නිරත වූ විශ්ව ප්රනාන්දු කඩුලු 5 ද, අසිත ප්රනාන්දු කඩුලු 2 ද, දුශ්මන්ත චමීර කඩුලු 1 ද, දසුන් ශානක කඩුලු 2 ද දවාගැනිමට සමත්කම් දැක් විය.