ආභාධය සමඟින් පැමිණ රාජිත තැබු වාර්තාව

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය දැවැන්ත ලකුණු පරතරයකින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ඒ ඉනිමකින් සහ ලකුණු 45 ක් ලෙසිනි.
කෙසේ නමුත් පසුපෙළින් පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායම නියෝජනය කළ කසුන් රාජිත පිතිකරුවෙකු ලෙස විශේෂ කර්තව්‍යයක් ඉටු කරන ලදි.
පළමු ඉනිමේදී දසුන් ශානක සමඟින් වාර්තාගත සබඳතාවයක් පිහිටවූ ඔහු දකුණු අප්‍රිකානු වේගපන්දු බලඇණියට එරෙහිව පන්දු 49 කට මුහුණ දීමට සමත් විය.
සිය ආභාධ තත්ත්වයද නොතකමින් දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට නැවත වරක් පැමිණි රාජිත එම ඉනිමේදී වනිදු හසරංග හට ඔහුගේ මංගල ටෙස්ට් අර්ධ ශතකය කරා යාමට අනගි සහයක් ලබාදුනි.
එහිදී ඔහු එක් ලකුණක් හෝ නොලබා කඩුල්ල ආරක්ෂා කර ගනිමින් පන්දු 27 කට මුහුණ දීමට සමත් වුණා. එය වාර්තා පොත් අළුත් කළේ…
ශ්‍රී ලංකා පිතිකරුවෙකු ටෙස්ට් ඉනිමකදී කිසිදු ලකුණක් නොලබා වැඩිම පන්දු ගණනකට මුහුණ දුන් අවස්ථා
පන්දු 28 – ලසිත් මාලිංග
– නවසීලන්තයට එරෙහිව 2006 දී
පන්දු 27 – කසුන් රාජිත
– දකුණු අප්‍රිකාවට එරෙහිව 2020 දී
පන්දු 25 – චම්පක රාමණායක
– ඕස්ටේලියාවට එරෙහිව 1992 දී
පන්දු 23 – ධම්මික ප්‍රසාද්
– පාකිස්තානයට එරෙහිව 2015 දී